සම්මා දිට්ඨි යනු
සම්මා දිට්ඨි යනු
සම්මා දිට්ඨිය යනු චතුරාර්ය සත්‍ය ගැන අැති අවබෝධය යැයි අර්ථ දැක්විය හැකිය. දුක යනු කුමක්ද? දුකේ හටගැනීම කුමක්ද? දුකේ නැතිවීම කුමක්ද? දුක නැතිකරන මාර්ගය කුමක්ද? යන්නයි.
දුක්ඛ ආර්ය සත්‍යය පිළිබඳ ව යම් අවබෝධඤාණයක් ඇද්ද, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය පිළිබඳ ව යම් අවබෝධඤාණයක් ඇද්ද, දුක්ඛ නිරෝධ ආර්ය සත්‍යය පිළිබඳ ව යම් අවබෝධඤාණයක් ඇද්ද, දුක්ඛ නිරෝධ ගාමිනී ප‍්‍රතිපදා ආර්ය සත්‍යය පිළිබඳ ව යම් අවබෝධ ඤාණයක් ඇද්ද, මෙය වනාහී සම්මා දිට්ඨිය යැ යි කියනු ලබන්නේ ය.
දුක යනු, ඉපදීම ද දුකකි. ජරාවට පත්වීම ද දුකකි. රෝග පීඩා වැලදීම ද දුකකි. මරණය ද දුකකි. අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තූන් සමග එක්වීමද දුකකි. ප්‍රිය පුද්ගලයන්ගෙන් හා ප්‍රිය වස්තූන්ගෙන් වෙන්වීමද දුකකි. කැමති දේ නොලැබීම ද දුකකි. (කැමති දේ නොලැබීම යනු ඉපදෙන්නා වූ සත්වයෝ නොඉපදීමට කැමතිය. එහෙත් එය අපට ලැබිය නොහැකිය. ජරාවට පත්වන සත්වයෝ ජරාවට පත්වන්නට කැමති නැත. එහෙත් එය අපට ලැබිය නොහැකිය. ලෙඩවීම උරුම කරගත් සත්වයෝ ලෙඩ නොවී සිටීමට කැමතිය. එහෙත් එය අපට ලැබිය නොහැකිය. අප්‍රිය පුද්ගලයන් හා අප්‍රිය වස්තූන් සමග එක් වන්නට කැමති නැත. එහෙත් එය අපට ලැබිය නොහැකිය. ප්‍රිය පුද්ගලයන්ගෙන් හා වස්තූන්ගෙන් වෙන්වන්නට කවුරුත් කැමති නැත. එහෙත් එය අපට ලැබිය නොහැකිය.)
භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාලේ කෙටියෙන්ම කියනවානම් පංච උපාදානස්කන්ධයම දුකක් බවයි. (පංච උපාදානස්කන්ධය යනු රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සඤ්ඤා උපාදානස්කන්ධය, සංස්කාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය යි.)
දුකේ හට ගැනීම යනු, ප්‍රහාණය නොකල තණ්හාවයි.
"තණ්හාව යනුවෙන් අදහස් කරන්නේ අාශ්වාදනීය අරමුණු කෙරෙහි සිත අැදීයාමයි."
පුනර්භවය ඇති කරන, ආශ්වාදයෙන් ඇලෙන්නා වූ, එ් එ් තැන සතුටින් පිළිගන්නා වූ යම් එ් තණ්හාවක් ඇද්ද, එනම්, කාම තණ්හාව,භව තණ්හාව, විභව තණ්හාව යන ත්‍රිවිධ තණ්හාවයි.
Comments
Post a Comment