ජරාවට පත්වීම යනු



ජරාවට පත්වීම යනු

එ් එ් සත්වයන් ගේ එ් එ් සත්ව ලෝක තුළ යම් දිරීමක් ඇද්ද දිරායන ස්වභාවයක් ඇද්ද දත් ආදියෙහි කැඞීමක් ඇද්ද කෙස් ආදියෙහි පැසීමක් ඇද්ද සමෙහි රැළි වැටීමක් ඇද්ද ආයුෂයා ගේ ගෙවීමක් ඇද්ද ඇස් ආදී ඉඳුරන් ගේ මෝරා යාමක් ඇද්ද මෙය වනාහී ජරාවට පත් වීම යැ යි කියනු ලබන්නේ ය.

සත්වයන් ජරාවට පත්වීමේ දී ඔවුන්ගේ අැස් නොපෙනී යයි. ඔවුන්ගේ කන් නොඅැසී යයි. ඔවුන්ගේ නාසයට ගද සුවද නොදැනී යයි. ඔවුන්ගේ දැවට රස නොදැනී යයි. ඔවුන්ගේ ශරීරයට පහස නොදැනී යයි. ඔවුන්ගේ සිතට සිතිවිලි නොදැනී යයි.

ඔවුන්ගේ කෙස් ඉදී කෙස් වැටී යයි. ඔවුන්ගේ දත් ගැලවී යයි. ඔවුන්ගේ සම රැලි වැටී යයි. ශරීරය වාවාගත නොහැකි වී යයි. ශරීරයේ අවයව දුර්වල වී යයි. මෙය වනාහී ජරාවට පත්වීම යැයි කියනු ලැබේ. ජරාවට පත්වීම දුකක්මයි.

Comments

Most Popular