අපගේ අරමුණ

අප අද දවසේ නිකරුනේ හෝ යම්කිසි වැඩක යෙදුනාට අපි දන්නේම නැතිව අපි වයසට යනවා. අපිට තේරෙන්නේ නෑ මේ අපිට ලැබිලා තියෙන්නේ ඉතා දුරුලභව ලැබෙන මනුස්ස ආත්මයක් බව. මේ දුර්ලභව ලැබෙන මනුස්ස ආත්මයකට ඇවිල්ලත් ඉතා දුර්ලභව අපට මුන ගැසෙන බුද්ධ සාසනයකුත් මුන ගැසිලත් අපට කිසිම ගානක් නැතුව අපි අපේ ජීවිතය ගත කරගෙන යනවා.

ඉතිං මම හිතුවා මේ දුර්ලභව ලැබෙන මනුස්ස ජීවිතය ගැනත් ඉතා දුර්ලභව ලැබෙන බුද්ධ සාසනය ගැනත් භාග්‍යවතුන් වහන්සේගේ දේශණා අනුසාරයෙන් අපේ අසරණ දුප්පත් මිනිස්සුන්ට කියලා දෙන්න.

ඉතිං මේ වෑයම ඒ සදහාමයි. එමනිසා අප සියලු දෙනාටද මේ උතුම් ධර්මය ඉගෙනගෙන මේ උතුම් ධර්මයේ හැසිරිලා මේ ගෞතම බුදු සසුන තුලම උතුම් චතුරාර්යය සත්‍ය ධර්ම අවබෝධ කිරීමට වාසනාව ලැබේවා.

සාදු...! සාදු...! සාදු...!

Comments

Most Popular