කැමති දේ නොලැබීම යනු



කැමති දේ නොලැබීම යනු

ඉපදීම උරුම කර ගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය. අනේ ! එ්කාන්තයෙන් ම අපි වනාහී ඉපදීම උරුම කර නො ගන්නමෝ නම් එ්කාන්තයෙන් ම ඉපදීම අප කරා නො පැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කර ගන්නට නො හැක්කේ ම ය. මෙය ද කැමති වන්නා වූ දෙය නො ලැබීමේ දුක ය.

ජරාව උරුම කර ගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය. අනේ ! එ්කාන්තයෙන් ම අපි වනාහී ජරාවට පත් වීම උරුම කර නො ගන්නමෝ නම් එ්කාන්තයෙන් ම ජරාව අප කරා නො පැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කර ගන්නට නො හැක්කේ ම ය. මෙය ද කැමති වන්නා වූ දෙය නොලැබීමේ දුක ය.


ලෙඩ දුකට පත් වීම උරුම කර ගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය. අනේ! එ්කාන්තයෙන් ම අපි වනාහී ලෙඩ දුකට පත් වීම උරුම කර නොගන්නමෝ නම් එ්කාන්තයෙන් ම ලෙඩ දුක් අප කරා නො පැමිණෙන්නේ නම් කොයිරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කර ගන්නට නො හැක්කේ ම ය. මෙය ද කැමති වන්නා වූ දෙය නො ලැබීමේ දුක ය.


මරණයට පත් වීම උරුම කර ගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය. අනේ ! එ්කාන්තයෙන් ම අපි වනාහී මරණයට පත් වීම උරුම කර නො ගන්නමෝ නම් එ්කාන්තයෙන් ම මරණය අප කරා නො පැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කර ගන්නට නො හැක්කේ ම ය. මෙය ද කැමති වන්නා වූ දෙය නො ලැබීමේ දුක ය.


සෝක වැළපීම් දුක් දොම්න්ස සුසුම් හෙළීම් උරුම කර ගත් සත්වයන් හට මෙවැනි දෙයක් ලැබීමට කැමැත්තක් උපදින්නේ ය. අනේ ! එ්කාන්තයෙන් ම අපි වනාහී සෝක වැළපීම් දුක්දොම්නස් සුසුම් හෙළීම් උරුම කර නො ගන්නමෝ නම් එ්කාන්තයෙන්ම සෝක වැළපීම් දුක් දොම්නස් සුසුම් හෙළීම් අප කරා නොපැමිණෙන්නේ නම් කොතරම් හොඳ ද කියා ය. එහෙත් එය වනාහී කැමැත්ත තිබූ පමණින් උදා කර ගන්නට නො හැක්කේ ම ය. මෙය ද කැමති වන්නා වූ දෙය නො ලැබීමේ දුක ය.

Comments

Most Popular