මෝර පිරිතේ මහානුභාවය



මෝර පිරිතේ මහානුභාවය

උදේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ‍
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

ලොව අඳුරු දුරු කොට, ඇස් ඇති එකම රජු ලෙස, රන්වන් ‍රැස් පතුරවා මහ පොලොව බබලවන්නා වූ මේ සූර්යයා උදා වෙයි. මහපොලොව බබුලුවන ඒ හිරු මඩල මම වඳින්නෙමි. ඔබගෙන් ආරක්ෂාව ලබන අපි මේ දවස සැපසේ වෙසෙමු.

යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේච මං පාලයන්තු
නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා

යම් බ්‍රාහ්මණ කෙනෙක් (බුදු කෙනෙක්) දත යුතු සියලු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේ ද, උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලාගේ ලොව්තුරා බුදු ගුණයට ද මාගේ නමස්කාරය වේවා. විමුක්තිය ලත් උතුම් රහතුන් හට මාගේ නමස්කාරය වේවා. ඒ රහත් ඵලයට මාගේ නමස්කාරය වේවා. ඒ බොසත් මොණරා මේ ලෙසින් පිරිත පවසා දවසේ කටයුතු වල හැසිරුණේ ය.

අපේතයං චක්ඛුමා ඒකරාජා
හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

ලොව අඳුරු දුරු කොට, ඇස් ඇති එකම රජු ලෙස, රන්වන් ‍රැස් පතුරවා මහ පොලොව බබලවන්නා වූ මේ සූර්යයා බැස යයි. මහපොලොව බබුලුවන ඒ හිරු මඩල මම වඳින්නෙමි. ඔබගෙන් ආරක්ෂාව ලබන අපි මේ රැය සැපසේ වෙසෙමු.

යේ බ්‍රහ්මණා වේදගූ සබ්බධම්මේ
තේ මේ නමෝ තේ ච මං පාලයන්තු

නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති

යම් බ්‍රාහ්මණ කෙනෙක් (බුදු කෙනෙක්) සියලු දත යුතු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේ ද, උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලාගේ ලොව්තුරා බුදු ගුණයට ද මාගේ නමස්කාරය වේවා. විමුක්තිය ලත් උතුම් රහතුන් හට මාගේ නමස්කාරය වේවා. ඒ රහත් ඵලයට මාගේ නමස්කාරය වේවා. ඒ බොසත් මොණරා මේ ලෙසින් පිරිත පවසා සුවසේ වාසය කළේ ය.

මේ පිරිත උදේ සවස කීමෙන් ඒ බෝසත් මොණරා අවුරුදු හත්සියයක් කිසිම හිරිහැරයක් පීඩාවක් නැතිව ජීවිතය ගත කලා. මේ පිරිතේ අානුභාවය නිසා කිසිමදවසක අැගට ගහක කොලයක්වත් වැටුනෙනෑ. 

මේ ධර්මයේ අානුභාවය අාශ්චර්යය විදගන්න. මෝර පිරිත ජීවිත අාරක්ෂාවට තියෙන ඉතා බලවත් අාශ්චර්යවත් පිරිතක් ලෙසයි රහතන්වහන්සේලාගේ යුගයේ සිට පැවත එන්නේ.

මෙහි බලවත් බව පිහිටන්නනම් විශ්වාසය ඉතාමත් වැදගත්. බුදු රජාණන් වහන්සේ ගැන තිබෙන විශ්වාසය, ධර්මය ගැන තිබෙන විශ්වාසය හා අාර්ය මහා සංඝරත්නය ගැන තිබෙන විශ්වාසයත් සමගයි මෙහි තිබෙන බලවත් බව තව තවත් පිහිටන්නේ. මෙහි මහානුභාවය කල්පයක් පුරාවට බලපැවැත්වෙන බව අප සරණගිය භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දේශණාකොට වදාලා.

මෙම වටිනා ගාථා භාවිතා කිරීමෙන් බුදුන් කෙරෙහි, රහතන් වහන්සේලා කෙරෙහි ශ්‍රද්ධාව ඇති වේවා! එමගින් රැකවරණයක්, යහපතක් ම සිදු වේවා!

සියලු සත්වයන්ගේ ජීවිත සුරක්ෂිත වී සියලු යහපත සැලසෙත්වා !

සාදූ ! සාදූ !! සාදූ !!!

Comments

Most Popular