බිය පහක් දුරු කරන බල සතරක්
(බියක් සැකක් නැති අභිමානවත් ජීවිතයක් පිණිස)
නිතර ම බියෙන් සැකයෙන් ජීවත් වීමට සිදු වුවහොත් එවැනි ජීවිතයක සතුට සැනසිල්ල රඳා පවතින්නෙ නෑ. සතුටින් සැනසිල්ලේ සිටින්නට කෙතරම් වෙර දැරුවත් වරින් වර ජීවිතයට එබිකම් කරමින් අඳුරු සෙවණැලි මවන බිය සැක මුසු හැඟීම් ජීවිතයේ සතුට සොරා ගන්නවා. එය, අද සමාජයේ දකින්නට ලැබෙන ප්‍රධාන ගැටලුවක්. බිය, සැක, පසුතැවීම් ආදී අතිශය පීඩාකාරී මානසික ගැටලු තුළ කිඳා බසිමින් සමාජයට මුහුණදීමට ලැජ්ජා බියෙන් මුළුගැන්වෙන ජීවිත හැමතැන ම. එවැනි මානසික තත්ත්වයන් පෞද්ගලිකව තමාගේත්, සමාජ ව්‍යුහයේත් සාර්ථකත්වයට විශාල බලපෑමක් කරනවා. බිය සැක දුරු කරගනු පිණිස ගනු ලබන අසාර්ථක, අදූරදර්ශී, අධාර්මික ක්‍රමෝපායයන් නිසා හටගන්නා අර්බුද තවදුරටත් තමාවත්, සමාජයත් පරිහානිය කරා ම රැගෙන යනවා.
බියෙන් සැකයෙන් යුතුව ජීවත් වීමට කවුරුත් කැමති නෑ. ඔබත් එසේ ම යි. නමුත් ඒ කැමැත්ත යථාර්ථයක් බවට පත් කර ගැනීමට නම් බිය දුරුකරන නිවැරදි ක්‍රමවේදය අනුගමනය කළ යුතුයි. රෝගයට බෙහෙත් කිරීමට මත්තෙන් රෝග නිධානය මනාව හඳුනාගත යුතු වන්නා සේ බිය සැක දුරුකර ගැනීමට මත්තෙන් බිය සැක උපදවන කරුණු හඳුනාගත යුතුයි. ඊ ළඟට අඳුර පලවා හැරීමට ආලෝකය වුවමනා වන්නා සේ බිය සැක දුරු කරවීමට සමත් නොවරදින වැඩපිළිවෙළ මනා ව හඳුනාගත යුතුයි.
පරිපූර්ණ වශයෙන් ම බිය සැක ඉක්මවා ගිය, නිර්භය බවට පත් වූ, බිය සැක නැති ක්ෂේම භූමියට පත්, නිර්භය භාවය තුළින් උපන් විශාරදත්වයේ සිහනද පතුරුවා වදාළ, බිය දුරු කරවන දහමක් දෙසා වදාළ, ඒ දහම තුළින් ක්ෂේම භූමිය කරා ශ්‍රාවකයන් රැගෙන ගිය, ධර්මස්වාමී වූ තථාගත අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ විස්මිත බුදු නුවණින් විනා අන් ක්‍රමයකින් අපට මෙම ගැටලුවට සාර්ථක විසඳුමක් ලැබෙන්නේ නෑ.
වරින් වර අපේ සිතට බලපෑම් කරමින් අතිශය අමිහිරි වේදනාවන් උපදවන බිය පහක් පවතින බව සර්වඥතා ඤාණ ඇති භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළා. පළමුවෙන් ම අපි එය දැනගත යුතුයි. එයින් පළමුවන බිය තමයි ‘ආජීවික බිය’. තමාගේ ජීවිතය වැරදි වැඩපිළිවෙළක (මිථ්‍යා ආජීවයක) යොදවා ඒ තුළින් සතුට සොයන්නන් ම යි අද බහුල. නමුත් තමාගේ ඒ වැරදි වැඩපිළිවෙළ නිසා තමාගේ ම හෘද සාක්ෂියත්, එයින් උපදින බිහිසුණු ප්‍රතිවිපාකත් අබියස සිත නිරන්තරයෙන් තැති ගන්නවා. ඒ නිසා ආජීවය අපිරිසිදු වූ කෙනාට කවරදාවත් බියක් නැති ජීවිතයක් නම් ලැබෙන්නේ නෑ.
ඊළඟට අපගේ සිත බිය ගන්වමින් සතුට සොරාගන්නා තවත් කාරණයක් තමයි ‘අසිලෝක බිය’. තමාගේ අතින් සිදු වූ වැරදි අඩුපාඩු අන් අය දැන ගනීවි, දොස් පරොස් අසන්ට ලැබේවි යන බිය තුළත් සතුට පවතින්නේ නෑ. ‘මාගේ මේ අඩුපාඩුව ස්වාමියා දැන ගනීවි.. බිරිඳ දැන ගනීවි.. දෙමාපියන් දැන ගනීවි.. පෙම්වතා, පෙම්වතිය දැන ගනීවි.. ආයතන ප්‍රධානියා දැන ගනීවි.. එසේත් නැත්නම් පොලීසිය දැන ගනීවි.. මාධ්‍ය ආයතන දැන ගනීවි..’ ආදී වශයෙන් තමාගේ වරද සමාජයට හෙළිදරව් වීමේ බියෙන් තැතිගෙන නින්දක් පවා නොලබා මහා පීඩාවකින් කොපමණ මිනිසුන් දුක් විඳිනවා ද? නමුත් තමාව දුකට පත් කළ ඒ වරදින් නිදහස් වීමට උත්සාහ නොකර තවත් බොහෝ වැරදි තුළින් ම ඒ බිය දුරු කර ගන්නට ගොසින් තව තවත් අනතුරේ ම වැටීම ම යි බැලු බැලූ අත පෙනෙන්ට තිබෙන්නේ.
ඒ වගේ ම අද සමාජයේ බොහෝ දෙනා මුහුණපා සිටින තවත් ප්‍රධාන බියක් තියෙනවා. ඒකට කියන්නේ ‘පරිසසාරජ්ජ බිය’ කියලා. පිරිසක් ඉදිරියේ විසාරද ව, අභිමානවත් ව, පෞරුෂත්වයෙන් උපන් ඍජු බවින් කටයුතු කිරීමට, කතාබස් කිරීමට, අවවාදයක් කිරීමට නොහැකිව තමාගේ වැරදි අබියස පසුබසිමින් පහළට හෙළුෑ මුහුණින් යුතුව නිශ්ශබ්දව මුලුගැන්වෙන්ට සිදු වීම යි එයින් හැඳින්වෙන්නේ. අද වන විට මුළු සමාජ ව්‍යුහය ම මෙම බියෙන් වෙලාගෙන ඇත්තේ නො වේ ද? දරුවන්ට වරදක් පෙන්වා දීමට විසාරද බවක් නැති දෙමාපියන්.. ශිෂ්‍යයා අබියස නිහඬ වීමට වන ගුරුවරුන්..
එකිනෙකාගේ අඩුපාඩු අබියස අසරණ වන ස්වාමි බිරින්දෑවරුන් පමණක් නොවෙයි; රටේ ඉහළ ම තනතුරුවල පටන් සෑම සමාජ තලයක් ම මෙම බියෙන් අසරණ වන අයුරු නො වේ ද නන් දෙසින් අසන්ට දකින්ට ලැබෙන්නේ? කිසිසේත් මගහැරිය නොහැකි අතිශයින් බිහිසුණු තවත් බියක් තමයි ‘මරණ බිය’. සිතන්නටත් බිය නිසා ම නොසිතා සිටින ඒ මරණය අබියස බොහෝ දෙනා තැති ගන්නවා. තමාගේ හෘද සාක්ෂිය සමඟ පමණක් ම ගනුදෙනුව සිදු වන දුෂ්කර ම පරීක්ෂණය වන්නේ මරණය යි. තමාගේ කය ගැන ම, පංචකාමය ගැන ම මුසපත් වූ සිතින් යුතුව, පිනක් දහමක් නොකර, තෙරුවන් කෙරෙහි පැහැදීමක් නැතුව ජීවිතය ගත කළ කෙනාට නම් එය වචනයෙන් විස්තර කළ නොහැකි බියක් උපදවන බව ධර්මයේ සඳහන්. එයින් බේරෙන්නට හැකි ධනයෙන් බලයෙන් උපන් භෞතික ක්‍රමවේදයක් ලෝකයේ කිසිදු කෙනෙකුට ඉදිරිපත් කළ නොහැකියි.
මරණ බියෙන් ආතුර වී හඬා වැටෙමින් පසුතැවීම තුළ ම මියැදෙනා ඔවුනට ඊ ළඟට දායාද වන්නේ ඊටත් වඩා බිහිසුණු බියක්. කර්මය දායාද කරගත් සසර ගමනේ අකුසලයට යට වූ ජීවිත ගතකරමින් ධර්මයට පිටුපෑ ඔවුන්ට කල්ප ගණන් පුරාවට දුගතියෙහි නිරාගිනි මැද මුහුණ දීමට සිදුවන බිය කෙසේ වචනයෙන් පවසන්ට ද? මරණයෙන් මතු පමණක් නොව, දුගතියෙහි දුක ගැන අසන්ට ලැබෙන විට දුගතිගාමී ප්‍රතිපදාවේ යෙදී සිටින කෙනා බියට පත් වීමත් වළක්වන්ට බෑ. එය ‘දුගති බිය’ යි.
ඔන්න ඔය කියපු බිය පහ තමයි වරින් වර අඳුරු සෙවණැලි මවමින්, අපේ හදවත රිදුම් දෙමින්, සතුට සුණුවිසුණු කරමින් අපට බලපෑම් කරන්නේ. එසේ නම් අප ව බියට පත් කළ සියලු රෝග නිධාන අප තුළ ම පැවතුනු දේවල් නො වේ ද? එසේ නම් ප්‍රතිකර්ම සිදු කළ යුත්තේත් තමාට ම බව තේරුම්ගත යුත්තේත් ඕපනයික ගුණ ඇති ශ්‍රී සද්ධර්මයෙන් ම යි. ධන බලයෙන්, රූපයෙන්, පිරිස් බලයෙන්.. අධිපති බවින්.. තනතුරෙන්.. පලවා හැරිය නොහැකි ඒ සියලු බිය තමා තුළ ම උපදවා ගන්නා සුවිශේෂී බල හතරකින් ප්‍රහාණය කළ හැකි බව තථාගත බල ඇති භාග්‍යවතුන් වහන්සේ අපට පෙන්වා වදාළා. රෝග නිධානය මනාව පෙන්වා දුන්නා සේ ම එම රෝගයට ප්‍රත්‍යක්ෂ වූ ඖෂධය ද ඒ අසිරිමත් සම්බුදු ගුණයේ මහිමයෙන් ම යි අපට දැන ගැනීමට ලැබෙන්නේ. මනා පෞරුෂයකින් හෙබි අභිමානවත් මනුෂ්‍යයෙකු බවට ඔබව පත් කරවන ඒ උතුම් ශ්‍රේෂ්ඨ බලයන් මෙන්න.
එයින් පළමුවැන්න ‘ප්‍රඥා බලය’ යි. එනම් කුසලය – අකුසලය පිළිබඳ ව, වැරදි – නිවැරදි දේ පිළිබඳ ව, පිරිසිදු – අපිරිසිදු දේ පිළිබඳ ව, සේවනය කළ යුතු – සේවනය නොකළ යුතු දේ පිළිබඳ ව, ශ්‍රේෂ්ඨත්වයට පත් කරවන – ළාමක ස්වභාවයට පත් කරවන දේ පිළිබඳ ව තෝරා ගැනීමට තමන් තුළින් ම උපදවාගත් දක්ෂතාවය යි. අන් කිසිදු දක්ෂතාවයකට දුරු කිරීමට නොහැකි වූ ඉහත සඳහන් කළ බිය, ප්‍රඥා බලය අබියස දුරු වී යන්නේ හිරු එළියත් සමඟ අඳුර දුරු වී යන්නා සේ යි. ඒ නිසා ප්‍රඥාව නමැති බලයෙන් සන්නද්ධ නොවනා තාක් බිය සැක නමැති සතුරු සේනාවට යට වීම හැර වෙනත් දෙයක් ඔබට කළ නොහැකියි. හිරු සඳු එළිය පරදවන අපමණ ප්‍රඥාලෝකයකින් යුතු වූ ඒ තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය ශ්‍රද්ධාවෙන් අදහාගෙන අප්‍රමාදී ව නුවණින් විමසීමෙන් අපට ප්‍රඥාව නමැති බලය උපදවා ගත හැකියි.
බිය දුරු කරවන දෙවැනි බලය වන්නේ ‘වීරිය බලය’ යි. හරි වැරැද්ද පෙනි පෙනීත් පහළට ගලා යන දිය පහරකට හසු වූ අයෙක් මෙන් අකුසලය තුළ ම ගිලෙමින් බිය ම දායාද කර ගන්නා කෙනෙකු නොවීමට නම් වීරියවන්ත බව ඇතිකර ගත යුතුයි. ප්‍රඥාව නම් බලයෙන් මනාව වරද නිවරද හඳුනාගෙන වැරදි දේ දුරු කරමින් නිවැරදි දේ පුරුදු කර ගැනීමට උපන් බලවත් කැමැත්තෙන් උපදවා ගන්නා උත්සාහය, පරාක්‍රමය, චිත්ත අධිෂ්ඨානය යි එසේ බලයක් බවට පත් වන්නේ. මෙම බලය හීන වී යාම නිසා කලක මහා පෞරුෂයකින් මෙන් සිටි ඇතැමුන් පසුකාලීන ව ඉතා නීච ස්වභාවයට පත් වී සිටින අයුරු ඕනෑතරම් දැකගන්ට ලැබෙනවා.
ඒ වගේ ම ජීවිතයට විශාල අභිමානයක් එක්කරන තවත් සුවිශේෂී බලයක් තමයි ‘අනවජ්ජ බලය’. නිවැරදි කාය, වචී, මනෝ කර්මයන්ගෙන් යුතු ප්‍රඥාවන්ත වීරියවන්ත ශ්‍රාවකයා තමාගේ ඒ වැඩපිළිවෙළ තුළ දොස් නොදකින විට, නිවැරදි බව ම දකිනා විට උපදින මානසික තෘප්තිමත් භාවය, මහා බලයක් වී බිය සැක පලවා හරිනවා. ඔහු කුමකට බිය වන්ට ද? අනවජ්ජ බලයෙන් යුතු ඒ වාසනාවන්ත ශ්‍රාවකයාට කලින් සඳහන් කළ ආජීවික භය, අසිලෝක භය, පරිසසාරජ්ජ බිය, මරණ භය හා දුගති බිය ඇති වීමට හේතුවක් තිබේ ද?
අපගේ භාග්‍යවතුන් වහන්සේ පෙන්වා වදාළ, බිය දුරු කරන ඊ ළඟ බලය ‘සංග්‍රහ බලය’ යි. එනම් දානය, ප්‍රිය වචනය, අර්ථචර්යාව, සමානාත්මතාවය නම් වූ සතර සංග්‍රහ වස්තූන් තුළ පිහිටා ලෝකය සමඟ කටයුතු කරන කෙනාගෙන් බිය උපදවන කරුණු බැහැරට යනවා. සතර අගතියට යට වී තමා කැමති අකැමති දේට අනුව භය, මුළාව තුළ පිහිටා කටයුතු කරන්නට යෑමෙන් කෙතරම් අර්බුද ජීවිතවලට උපදිනවා ද යන්නට අද සමාජය මොනවට සාක්ෂි දරයි. නමුත් සතර සංග්‍රහ වස්තූන් මත පිහිටා කටයුතු කරන කෙනාට සතුරන් අඩු වීමත්, ප්‍රියමනාප බව ඉපදීමත් සමඟ ගුණධර්මයනුත් වැඩීම නිසා බිය සන්සිඳී යනවා. ඒ නිසා බියක් නැති ජීවිතයක් පතන කෙනා සංග්‍රහ බලය නම් වූ බලයෙනුත් සන්නද්ධ විය යුතුයි.
මොහොතක් සිතන්න.. දෙවියන් සහිත වූ මරුන් සහිත වූ බඹුන් සහිත වූ ශ්‍රමණ බ්‍රාහ්මණයින් සහිත වූ දෙව් මිනිස් ප්‍රජාව තුළ අනභිභවනීය භාවයට පත් වූ, උත්තම භාවයට පත් වූ, විශාරදත්වය තුළ සිහනද පතුරුවා වදාළ අපගේ ශාස්තෘන් වහන්සේ විනා අන් කවරෙක් නම් බිය දුරුකර ගැනීමට මෙවන් නොවරදින ප්‍රතිපදාවක් පෙන්වා වදාළේ ද? ඒ උතුම් ශ්‍රී සද්ධර්මයට පිටුපා කෙලෙස් තුළින් ම විසඳුම් සොයන්ට යාමෙන් නො වේ ද දිනෙන් දින ලෝකය ම බියෙන් වෙලා ගන්නේ.
ඒ නිසා, තමා තුළ ම උපන් දොස් නිසා බියෙන් තැතිගෙන නිර්භය භාවය පතා ලෝකය පුරා දුවනවා වෙනුවට, නොපෙනෙන ලෝකයෙන් නිර්භය භාවය යදිනවා වෙනුවට, බාහිර ලෝකයට දෙස් දෙවොල් තියනවා වෙනුවට, කෙලෙස්වලට කෙලෙස්වලින් ම විසඳුම් සොයනවා වෙනුවට ඔබ මේ උතුම් සද්ධර්මය ගැන සිත පහදවා ගන්න. එසේ උපන් පැහැදීම තුළින් ප්‍රඥා බලය, වීරිය බලය, අනවජ්ජ බලය, සංග්‍රහ බලය නම් වූ උතුම් බලයන්ගෙන් සන්නද්ධ වී, ආජීවික භය, අසිලෝක භය, පරිසසාරජ්ජ භය, මරණ භය, දුගති භය යන පස් ආකාර භය පලවා හැර නිර්භය භාවය තුළ සතුටින් සැනසිල්ලේ ජීවත්වන කෙනෙකු බවට පත් වන්න.
සියල්ලෝ ම නිර්භය භාවයට පැමිණෙත්වා..!
(ඇසුර – බලසංගහවත්ථු සූත්‍රය – අං.නි. 5)

මහමෙව්නාව අසපුවාසී පින්වත් ස්වාමීන් වහන්සේ නමක් විසිනි
Comments
Post a Comment